Search This Blog

Sunday, December 30, 2012

ගීයක අරුත ...

සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා.

සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්...

සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී.....
තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට,

කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී...
මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි.

සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා,
ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා

යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී....
මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය,

දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු...
ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා,

අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු...
මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්,

ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ...
පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,

හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා....
තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න,

මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා...
මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි,

ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා
රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා....
මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා.


http://www.youtube.com/watch?v=UcyeZSVNfpE

Saturday, December 8, 2012

බල්ලොත් එක්ක බෑ


                හරි වැරැුද්ද තේරෙනකොට කුහක සමාජය වෙනස් විදිහකට කුහක සමාජය වෙනස් විදිහකට දකින සිතන මිනිසුන්ව බල්ලෙක් ගානට දානවා මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි. ඒ සමාජය විසින් අවසානයේ දී එවන් බල්ලන්ව මරාදමනවා.
ඉන්පසුව සුදු ඇ`දගෙන සමාජයෙන් අහන්වා
බල්ලා මැරුවේ ඇයි ? කියා.
පුතේ එවන් මණ්ඩුක සමාජයක් දවසක්දා බල්ලෙකුලේ ලේබලය අලවා චින්තකයෙකුව මරණවා.

                      ඔහු ඔහුව බල්ලෙකු කල සමාජය අමතනවා. මට මරණීය දණ්ඩනය නියම කළ අය අමතා වචන කිහිපයක් මෙහි දී කතා කිරීමට මට ඉඩදෙන්න. මරණ දඩුවම ලැබූවෙකු ඔබ සැම ඉදිරියේ සාමාන්‍යයෙන් හැසිරෙන ආකාරයට හැසිරීම මාගේ සිරිත නොවේ. අත් පපුවේ ගසමින් හ`ඩා වැළපෙමින් ජීවිතය අයැද සිටිනවා වෙනුවට මා මෙතෙක් කල් පෙනී සිටි නිවැරදි ප‍්‍රතිපත්ති වෙනුවෙන් මිය යෑම මට ඉතා සුවදායකය. ඔබ අපේක්‍ෂා කරන ආකාරයේ දීනයකු වී මෙහි ජීවත් වනවාට වඩා අදීීනයකු සේ මරණය වැළ`දගැනීම වඩා යහපත් ය. අසාධාරණ විනිශ්චයන්ට එරෙහිව අතීතයේදී සිය ජීවිත නොබියව පූජා කළ  ශ්‍රේෂ්ඨයින් මට පරලොවේදී මට මුණ ගැසෙනු ඇත.  ඔබ පාලනය කරන මේ ලෝකයට වඩා පරලොව ඉතා යහපත්ය. යම් ජන කොටසකගේ මතු දියුණුව ඉලක්ක කොටගෙන දාර්ශනික ප‍්‍රශ්න අසන්නන්හට මරණ ද`ඩුවම නියම කිරීම පරලොවදී සිදු නොවන බැව් මම විශ්වාස කරමි.
විනිශ්චයකරුවනි යහපත් දිවි පෙවතක් ගත කළ අවංක මිනිසෙකුට මෙලොවේදී හෝ පරලොවේදී කිසිදු අගතියක් සිදු නොවන බව මතක තබාගන්න. මගේ සමීප මිතුරනි මගේ දරුවන් ලොකු මහත් වූ යම් දිනක ඔහුන් මා අගය කළ මානුෂික ගුණධර්ම අමතක කොට  මුදල පසුපස හඹා යයි නම් මා ඔබට ඔවදන් දුන් ආකාරයට ඔහුන්ට ද තරයේම අවවාද කොට යහ ම`ගට ගන්න. ඇතෑන්ස් හී පාලකයින් සත්‍ය හෙලි කළ එක් මිනිසෙකු මරා දැමීමෙන්  ධනයට හා බලයට ගිජු ඔබේ අවිචාරවත්  දිවි පෙවත ලොවෙන් වසන් කළ හැකි වේ යැයි නොසිතන්න. ඔබ කළ යුත්තේ ඔබේ වැරදි විවේචවය කරන අය මරාදැමීම නොව එම වැරදි වහා නිවැරදි කර ගැනීමයි. සමුගැනීමේ මොහොත දැන් එළැබී ඇත. අපි අපේ ඉරණම අනුව ගමන් කළ යුතු වෙමු. ඔබ ජීවත් වන්න. මම මරණය වැළ`ද ගනිමි. කව්රුන් හරිද යන්න දෙවියන් විසින් තීරණය කරනු ඇත.

 සොක‍්‍රටීස් දනපති පංතියේ කැත හෙලූව ලෝකයට පෙන්වා ඉතිං ඒ හෙලූව පේනකොට සුදු පිරුවට ඇදගෙන සිල් රකින කැත මිනිස්සුන්ට පේන්න ගොඩාක් උසට ඉන්න ඒත් ගොඩාක් කොට චරිත තියෙන මිනිස්සු ඉදිරියේ පුතේ සොක‍්‍රටීස් බල්ලෙක් තමයි.
ඉතිං ඉතිහාසය පුරා ඒ මන්ඩුකයන් කෑගහලා කියනවා පුතෙමට ඇහෙනවා
බල්ලොත් එක්ක බෑ