හරි වැරැුද්ද තේරෙනකොට කුහක සමාජය වෙනස් විදිහකට කුහක සමාජය වෙනස් විදිහකට දකින සිතන මිනිසුන්ව බල්ලෙක් ගානට දානවා මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි. ඒ සමාජය විසින් අවසානයේ දී එවන් බල්ලන්ව මරාදමනවා.
ඉන්පසුව සුදු ඇ`දගෙන සමාජයෙන් අහන්වා
බල්ලා මැරුවේ ඇයි ? කියා.
පුතේ එවන් මණ්ඩුක සමාජයක් දවසක්දා බල්ලෙකුලේ ලේබලය අලවා චින්තකයෙකුව මරණවා.
ඔහු ඔහුව බල්ලෙකු කල සමාජය අමතනවා. මට මරණීය දණ්ඩනය නියම කළ අය අමතා වචන කිහිපයක් මෙහි දී කතා කිරීමට මට ඉඩදෙන්න. මරණ දඩුවම ලැබූවෙකු ඔබ සැම ඉදිරියේ සාමාන්‍යයෙන් හැසිරෙන ආකාරයට හැසිරීම මාගේ සිරිත නොවේ. අත් පපුවේ ගසමින් හ`ඩා වැළපෙමින් ජීවිතය අයැද සිටිනවා වෙනුවට මා මෙතෙක් කල් පෙනී සිටි නිවැරදි ප්‍රතිපත්ති වෙනුවෙන් මිය යෑම මට ඉතා සුවදායකය. ඔබ අපේක්ෂා කරන ආකාරයේ දීනයකු වී මෙහි ජීවත් වනවාට වඩා අදීීනයකු සේ මරණය වැළ`දගැනීම වඩා යහපත් ය. අසාධාරණ විනිශ්චයන්ට එරෙහිව අතීතයේදී සිය ජීවිත නොබියව පූජා කළ ශ්‍රේෂ්ඨයින් මට පරලොවේදී මට මුණ ගැසෙනු ඇත. ඔබ පාලනය කරන මේ ලෝකයට වඩා පරලොව ඉතා යහපත්ය. යම් ජන කොටසකගේ මතු දියුණුව ඉලක්ක කොටගෙන දාර්ශනික ප්‍රශ්න අසන්නන්හට මරණ ද`ඩුවම නියම කිරීම පරලොවදී සිදු නොවන බැව් මම විශ්වාස කරමි.
විනිශ්චයකරුවනි යහපත් දිවි පෙවතක් ගත කළ අවංක මිනිසෙකුට මෙලොවේදී හෝ පරලොවේදී කිසිදු අගතියක් සිදු නොවන බව මතක තබාගන්න. මගේ සමීප මිතුරනි මගේ දරුවන් ලොකු මහත් වූ යම් දිනක ඔහුන් මා අගය කළ මානුෂික ගුණධර්ම අමතක කොට මුදල පසුපස හඹා යයි නම් මා ඔබට ඔවදන් දුන් ආකාරයට ඔහුන්ට ද තරයේම අවවාද කොට යහ ම`ගට ගන්න. ඇතෑන්ස් හී පාලකයින් සත්‍ය හෙලි කළ එක් මිනිසෙකු මරා දැමීමෙන් ධනයට හා බලයට ගිජු ඔබේ අවිචාරවත් දිවි පෙවත ලොවෙන් වසන් කළ හැකි වේ යැයි නොසිතන්න. ඔබ කළ යුත්තේ ඔබේ වැරදි විවේචවය කරන අය මරාදැමීම නොව එම වැරදි වහා නිවැරදි කර ගැනීමයි. සමුගැනීමේ මොහොත දැන් එළැබී ඇත. අපි අපේ ඉරණම අනුව ගමන් කළ යුතු වෙමු. ඔබ ජීවත් වන්න. මම මරණය වැළ`ද ගනිමි. කව්රුන් හරිද යන්න දෙවියන් විසින් තීරණය කරනු ඇත.
ඉතිං ඉතිහාසය පුරා ඒ මන්ඩුකයන් කෑගහලා කියනවා පුතෙමට ඇහෙනවා
බල්ලොත් එක්ක බෑ
balloth ekka ba thama..
ReplyDelete