තොටුපල කියල කියන්නේ ගොඩක් සංවේදී පුංචි පවුලක්. අපි අපේ දැණුම බෙදාගන්න හදන්නේ. මගේ දරුවෝ අන්තර්ජාලය භාවිත කරන නිසා ඊට අදාල වෙන පුංචි රහස් වගයක් උගන්වන්නයි හදන්නේ.
මේ කටයුත්ත සදහා මට සම්පත් දායකත්වය සපයන්නේ. තාරක සම්පත් ගුණවර්ධන කියල අයියා කෙනෙක්. ඉතින් ඔබ වෙනුවෙන් මම ඔහුට ස්තුති වන්ත වෙනවා.. ඔබත් මෙකී අන්තර්ජාලය තුල සේරිසරමින් ඉගෙනගනිමින් සතුටු වන්න. නමුත් මිතුරන්ගේ හිතට දුක් ගෙන නොදෙන්න. දැණුම නිසි ලෙස ප්‍රයෝජනයට ගන්න.
1.) ටොරන්ට් ඉක්මනින් බාන්න...
මේකනම් වැඩියෙන්ම ඕනි වෙන්නේ ඔය ෆිල්ම් ගේම් එහෙම රෑ නිදාමරාගෙන බොහොම ඇප කැප වෙලා බාගන්න ට්‍රයි කොරන කස්ටියට. මොකද ඔය ගොඩක් ෆිල්ම් ගේම්ස් සල්ලි දීලා ගන්නවට වැඩිය ඉතින් අපි ගොඩ දෙනෙක් කරන්නේ ටොරන්ට් වලින් බා ගන්න එකනේ. ඒත් ඔය ටොරන්ට් බාද්දි තියන ලොකුම අවුලක් තමයි ඒකේ ස්පීඩ් එක අඩු වෙන එක. මොකද ඕකේ ස්පීඩ් එකට අපේ නෙට් ස්පීඩ් එකට වඩා බලපානවනේ ඕකේ සීඩර්ස්ලා ගාන එහෙම. ඊටපස්සේ බන්ඩ්විත් අරක මේක වැඩි කරන්න ඕනි. එහෙම කරලත් ස්ලෝ වෙනවා. එතකොට එපා වෙනවා. දුක හිතෙනවා. මද කිපෙනවා..තව ගොඩක් එව්වා වෙනවනේ. ඉතින් එහෙම නැතුව ඕනිම ටොරන්ට් ෆයිල් එකක් ඩරෙක්ට් අපිට තියන ඩවුන්ලෝඩරේකින් බාගන්න විදිහක් තියනවා. ඒක කරන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලම අපි වෙනදා වගේම බාගන්න ඕනි ටොරන්ට් එක මොකද්ද කියලා හොයාගෙන ටොරන්ට් ලින්ක් එක බාගන්න ඕනි. වෙනදා වගේම. එතකොට පොඩි ෆයිල් එකක් ඩවුන් වෙනවනේ. ඉස්සර ඕක ඩබල් ක්ලික් කලාමනේ ටොරන්ට් එක බෑවෙන්න පටන්න්නේ. අන්න ඒ චූට්ටං ෆයිල් එක බාගෙන යන්න මෙන්න මේ සයිට් එකට..
www.zbigz.com
මේ වෙලාවේ මේකට කෙලින්ම link එක දන්නා බැරිවුනාට සමාවෙන්න.
ඔන්න ඕකට ගිහාම ඕකේ උඩම ඇති අප්ලෝඩ් ටොරන්ට් ෆයිල් කියලා. අන්න එතනට අර අපි ඩවුන් කල ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් කලාම ටිකකින් අපිට අපි බාන්න ඕනි ෆිල්ම් එක හෝ මොකේ හරි නියම mb/gb ගාන තියන ෆයිල් එකක් පෙන්නනවා. ඒක ක්ලික් කල ගමන් අපිට බාගන්න ඕනි මොකක් හරි එක අපේ තියන ඩවුන්ලෝඩරේකින් ඩිරෙක්ට් බෑවෙනවා. උදාහරනෙකට IDM තියනම් ඒකෙන් බෑවෙනවා. අපේ නෙට් කනෙක්ෂන් එකේ ස්පීඩ් එක අනුව ඕකේ ස්පීඩ් එකවෙනස්වෙනවා. කැමතිනම් ඔය සයිට් එකේ ෆ්‍රී අකවුන්ට් එකක් හදා ගන්නත් පුළුවන්..
URL එකකින් වෛරස් චෙක් කරගන්න...
අපේ ගොඩක් අය විශේෂයෙන් මාළු බාන කට්ටිය ඒ කිව්වේ මේ හැක් කරන විදිහක් එහෙම අය ගොඩක් වෙලාවට ලින්ක් එවනවනේ අනේ මේක ක්ලික් කරන්න කියලා. ඊට අමතරවත් අන්තර්ජංජාලයේ තියනවා එක එක විදිහේ වෛරස් අන්තර්ගත සයිට්. අන්න ඒවට යන්න කලින් තමන්ට එහෙම පොඩි බයක් තියනවනම්. නැත්නම් සුවර් නැත්නම් මෙන්න මේ සයිට් එකට ගිහින් අදාල ලින්ක් එක දීලා ස්කෑන් කලාම ඒ සයිට් එකේ හෝ මොකේ හරි වෛරස් තියද කියලා හොයාත්තෑකි. හැබැයි මේක 100%ක්ම් හරියනවද කියලනම් මම දන්නෑ. සමහරවිට මේකටත් අහුනොවෙන දේවල් තියෙන්න පුළුළුන්. ඒත් මොකුත්ම නැතුවට වඩා මේකත් හොදයි. ඔන්න යන්න පහලින්..
මෙන්න මේක ඔබන්න..
හොදම වෛරස් ගාඩ් ගොඩකින් ෆයිල් ස්කෑන් කර ගන්න...
ගොඩක් වෙලාවට අපි ගාව තියෙන්නේ වෛරස්ගාඩ් එකක් හෝ දෙකක්නේ. සමහර ෆයිල් තියනවා එක වෛරස් ගාඩ් එකකින් මේක වෛරස් එකක් කියලා කියද්දි වෙන එකකින් කියනාවා කිසි අවුලක් නෑ කියලා. අහිංසක අපි අනාත වෙනවා. අන්න එහෙම වෙලාවට මේ වගේ සයිට් එකකට ගිහින් අපිට ස්කෑන් කරන්න ඕනි ෆයිල් එක අප්ලෝඩ් කලාම ලෝකේ හොදයි කියන ගෙගාඩක් වෛරස් ගාඩ් වලින් ඒ ෆයිල් එක ස්කෑන් කරලා එක එක වෛරස් ගාඩ් එක මේ ෆයිල් එක ගැන කියන දේවල් වෙන වෙනම පේනනවා. කරගෙනම බලන්නකෝ...
මෙතනින් යන්න...
හොරෙන් මේල් යවන්න...
හොද එව්වා ටිකක් කියද්දි පොඩ්ඩක් හොර එව්වත් කියන්නම එපැයි නේද..නැත්නම් නිකන් මොකද්ද මොකද්ද වගේ. හොර වැඩ කිව්වට ඉතින් ඇත්තටම මේක අස්සේ මේ මොකද්ද වෙන්නේ කියලා නොදැන මේක පට්ට සයිට් එකනේ දෙන්නම් බැටේ කියලා නරක වැඩට යොදාගත්තොත්නම් ඉතින් කොච්චර හොරෙන් යැව්වත් යැව්වේ කොහෙන්ද එන්නේ කොහොමද කියලත් හොයාන්න පුළුවන්. මම දැන් නොකිව්වට.. ;) ඒ හින්දා මේවා යාළුවෙක්දෙන්නෙක් බය කරන්න විතරක් තියාගන්න එක හොඳයි. මේකයි වෙන්නේ. මේ සයිට් එකෙන් පුළුවන් ඇනෝනිමස් e-mail යවන්න . මේ වගේ ගොඩක් සයිට් තිබුනත් මේක ටිකක් අනිත් ඒවට වඩා ඉස්සරහින් තියනවා.

බලන්න දෙන්නෑ කියපුවා බලන්න...
මේකනම් ටිකක් ප්‍රසිද්ද සයිට් එකක්. කෙටියෙන්ම කියනවනම් යන්න නොදී බ්ලොක් කරලා තියන සයිට් වලට යන්න පුළුවන් මේකෙන් කිසිම අවුලක් නැතුව. පොඩ්ඩක් එපා වෙන්නේ ඇඩ් වැඩියි. එහෙම ඇඩ් නැතුව තමන්ගෙම කියලා ප්‍රොක්සි සර්වර් එකක් හදාගන්න හැටි පස්සේ කියන්නම්. එතකොට නම් කිසිම අවුලක් නැතුව ඕනිම සයිට් එකකට පරක්කුවක් නැතුව යන්න පුළුවන්. දැනට මේවෑන් ගිහින් බලන්නකෝ...

එහෙනම් අදට ඇති.
මෙම ලිපිය ලියන්න උදවු කළේ තාරක. ඉතින් ඔහු දන්න තව ගොඩක් දේවල් එක්ක අපි අයෙමත් එන්නම්.
No comments:
Post a Comment