මම අනිත් මිනිස්සුන්ට උදව් කරන්න ගිහින්,
හැමදාම අන්තිමට බැනුම් අහන එක විතරයි වෙන්නේ,
නමුත් මට බැන්න දුකට වඩා,
ඒ මිනිස්සු මම කරපු දේ නිසා,
හොද තැනක ඉන්නවා දකිනකොට මට සතුටුයි.
සමහර විට මම මෝඩ වෙන්න ඇති,
මම නපුරු වෙන්න ඇති,
මාව අනිත අයට දිරවන්නේ නැතුව ඇති,
ඒත් මම මමයි, මම වෙනස් වෙන්නේ නැහැ,
අදත් හෙටත් මම එහෙමමයි,
අනන්තවත් මගේ හිත රිදුනට,
එහෙම වෙන්නත් හේතුවක් ඇති,
සමහරවිට මම අනිත් අයගේ හිත් රිදවන නිසා වෙන්නත් ඇති.
ඒත් මම මමයි, ඔවුන් වෙනස් වෙන්නෙත් නැහැ,
ජීවිතයෙදි දහසක් මිනිසුන් මට හමුවෙලා ඇති,
එයිනුත් මට විශේෂ අය කිහිප දෙනෙක් ඇති,
මට සමාවෙන්න ඒ හැමදෙනාගෙන්ම,
මගෙන් වරදක් උනානම්,
කවදාහරි දවසක ඔවුන් කියාවි,
ඔවුන් නිසිමග ගෙනිච්චෙ කව්ද කියලා,
එදාට ඒ සතුටේ අයිතිකාරයා හැමොම දාලා,
යන්නට ගොසින් සිටීවි.
~.......................~
No comments:
Post a Comment