Search This Blog

Thursday, October 18, 2012

ඔබ සියදිවි නසාගන්න එපා.




                අපිට අපේ ජීවිතය ගැන හිතන්න වෙලාවක් තියනවද කියලා කල්පනා කරන්නවත් සමහර වෙලාවට අපිට වෙලාවක් නෑ. සමහර චරිත අතීතයේ සිදුවුණු දේවල් සිතින් මෙනෙහි කර කර දුකින් ජීවත් වෙන්වා. තවත් සමහරු අනාගත සිහිනමත ජීවත්වෙලා වර්ථමානයේ ගොඩක් අවස්ථා නැති කරගන්නවා. කොහොම වුණත් අපිට අතීතයක් තියනවා. ඒක කලූ ලප වලින් ලොකු වලවල් වලින් විශාල කඩාවැටීම් වලින් ජයග‍්‍රහණ වලින් සතුටින් දුකෙන් සොම්නසින් කදුළින් පිරිලා ඉතිරිලා. නමුත් අපිට ඒ තුළ ජීවත් වෙන්න බෑ. එහෙම වුණොත් ඔයත් මමත් මියගිය මිනිස්සු වේවි. අලූත් අව්රුදු කොපමණ ලැබුවත් අපිට මළගිය ඇත්තන්ගේ අව්රුදු දා සමරන්න වේවි.

අපි ලොකු නැව්. මේ නැව්වල අපි පරණ මතකයන් ගොඩ ගහගෙන සාර්ථකත්වය කරා යන්න පුද්ම උත්සහයක් ගන්නෙ. නමුත් පරණ මතකයන්වල තියන පුදුමාකාර බරත් එක්ක අපිට සාර්ථකත්වයේ දූපත  සොයාගෙන යන ගමන හෙමින් තමයි යන්න වෙන්නේ. පරණ අනවශ්‍ය දේවල් අපි අපේ නැව්වලින් ඉවත් කරන්න ඔනේ.
      
     අපි සොබාදහමේ පුරුකක්. ඉතින් අපි දැනගන්න  ඕනේ දෙයක් තමයි සොබාදහම කවදාවත් අඩපණ වෙච්ච මියයන දේවල් සහ චරිත දරාගෙන ඉන්නේ නෑ ඒවා පෝශණය කරන්නෙත් නෑ. අවස්ථා කිහිපයක් මත ඒවා අතහරිනවා. උපන්දා ඉදන්ම මම දැකපු සොබාදහම හැමදාම තරුණයි. මටත්  ඕනේ ඒ තරුණකම. දක්‍ෂයාව ශක්තිවන්තයාව නිර්මාණශීලී මිනිස්සුන්ව දිනවන්න අත දෙන්න සොබාදහම සැදී පැහැදී ඉන්නවා.

        අතීතයේ ජීවත්වෙන - අනාගතේ ජීවත්වෙන මිනිස්සු තමන්ට අයිති වර්ථමානය අමතක කරලා අතහැරලා. සමහරු අතීතය ගැන දුක් වෙද්දි තවත් සමහරු ජීවත්වෙන්නේ අනාගතය තුළ එයාට අත ඇති වර්ථමාන ජීවිතය තමන් විසින්ම සිය දිවි නසා ගැනීමකට බදුන්කරලා.

    අපි අපේ ජීවිතයේදී නොයෙක් භූමිකාවන්ට මූහුණදෙනවා. ඒ අවස්ථාවන් වල ගොඩක් අපහසු තෝරාගැනීම් වලට අපට යන්න සිදුවෙනවා. ඉතිං අපි ජීවත්වෙන හැම තත්පරයක්ම ගොඩක් වැදගත්.මොකද වර්ථමානයේ මේ ගෙවී යන කිසිම ත්තපරයක් අපිට ආපස්සට ජීවිතේ කිසිම දවසක ලැබෙන්නේ නෑ.  ඕනෑම සිදුවීමක් නැවත සිදුවෙන්න ඉඩ තිබුණත් ඒ සිදුවීම මේ දැන් වෙන ආකාරයටම නැවත සිදුවීමේ සම්භාවිතාවක් නැහැ.

  ඉතිං මේ ගෙවෙන හැම තත්පරයකම ඔබ ඔබට හැකි උපරිමයෙන් ජීවත්වන්න. ඔබට දැනෙන හැගෙන විදීම් විදවීම් හැගීම් අවට සමාජගත ඔබේ මානව සබදකම් සමග බෙදාගන්න. සමහර පුංචි පුංචි දේවල් වැදගැම්මකට නැති දේවල් කියලා අතහරින්න එපා. ඔයාට ඒ දෙය වැදගත් නැති වුණාට ඔයා ගාවින් ආදරයෙන් ඉන්න ළගම කෙනෙකුට එම සිදුවීම මහ මෙරක් තරම් විසාල ජීවිත සංජාණන හැරවුම් ලක්‍සයක් වන්නට පුලූවන්.

මේ ජීවිතේ හරි පහසුයි. අපිමයි ඒක අමාරු කරගෙන තියෙන්නේ. මම ඔයාට යෝජනා කරනවා ඔයා කැමති විදියට ඔයාට ආදරය කරන්න කිසි කෙනෙක් මේ ලෝකේ නෑ. ඔයාගෙම අම්මා වුණත් ඔයා එක්ක කොයිතරම් හිත් අමනාපකම් ඇතිකරගෙන ඇද්ද. පසුකාලීනව ඒවා මගහැරුණත්,

 අම්මටත් වඩා ඔයාට ආදරය කරන්න දන්න හොදම අම්මා සොබාදහම පමණයි. දවසකට පැයකට විනාඩියකට තත්පරයකට දෙනෙත් පියාගෙන සොබාදහමට ආදරය කරලා බලන්න ඔබට මුලූ විශ්වයම විවර වේවි.
ඔබට සුභ ගමන්..........
                       මම

Wednesday, October 17, 2012

තාත්තයි දුවයි .....



     ඒ මගේ පුංචි දුව මගේ මුළු ලෝකෙම වුණේ ඇය. මගේ සුවිසල්  ලෝකය වසාගෙන පැතිරුණේ ඇගේ පුංචි වතකමලයි. ඇගේ ලෝකය පිරී තිබුණෙත් මා පිළිබඳව වූ පිතෘ ස්නේහයෙන් පමණක් බව මට රන්තරව දැනෙනවා. ඇනී ඉතා දක්‍ෂ බුද්ධිමත් දියණියක්. ඇතැම් වේලා වල ඇයගේ ප‍්‍රශ්ණ කිරීම අභිමුවේ මමත් බිරිඳත් ගොළු වු අවස්ථා අනන්තයි.

එදා උදෑසන සිට මා වරුසාවක් ඇඳ හැළුණා. වැස්ස කොතරම් තදින් ඇඳ වැටුණා ද කිව්වොත් මහ ගංවතුරක් අපේ ප‍්‍රදේශය යට කරගෙන තිබුණා. තවත් මෙහොතිකින් මුළු ප‍්‍රදේශයම යට වී යන්නට පුළුවන් සියළු
දෙනාම ආරක්‍ෂිත ස්ථානකරා යාමට සුදානම් වුණා.

ඇල මාර්ග දෙගොඩ තලා යමින් තිබුණා. ඇතැම් අවස්ථාවල බොර වතුර එක් රැුස් වී මහා බියකරු දර්ශණයන් මවා පෑවා.  තවමත් වැස්ස තුරන් කර තිබුණේ නෑ. අපි තිදෙනා මේ මහ වැස්සේ ආරක්‍ෂිත ස්ථානයක් කරා යමින් සිටියා.  ප‍්‍රදේශය පුරා පැතිරුණු ඝණ කලූවරත් වැස්සේ හෝ හෝ හඬත් මුළු පරිසරයම ආක‍්‍රමණය කරලා.  මගේ එක් අතක  චූටි දුව එල්ලිලා.අනිත් අතේ විදුලි පන්දම. විශාල බෑගයක් පිටමැද බැඳගෙන උන් මා සමඟ හරි හරියට දුවත් මගේ බිරිඳත් පැමිණෙමින් සිටියා. තවත් මෙහොතකින් බොර පාට යක්‍ෂයා  අපව ගිල ගනීව කියා මට තිබුණේ අසීමිත බියක්.

අවසානයේ අප පාලමක් අසලට පැමිණියා. ගඟ දෙගොඩ තලා යමින් තිබුණා. පාලම උඩිණුත් බොර වතුර ගලා යමින්
ඒ ගඟ මහා මුහුදක සිරි ගත්තා. අප එගොඩ විය යුතුයි,  මහා වැස්ස කොතරම් දරුණු වීද යත් අපි එකිනෙකාට පවා හරි සද්දෙන් කතා කළ යුතුව තිබුණා.  ” තාත්තේ...”  දුව  කෑගැසුවා ඇයගේ හඬ වෙවුලනවා.  ඒ බයටද සීතලටද කියා වෙන් කර හඳුනගන්න අපහසුයි.  ” ඇයි දුවේ සීතල ද?...” මම කෑ ගැසුවා ” ඔව් තාත්තේ...”  ”අපි මේ පාලමෙන් එගොඩ වෙන්න  ඕනේ දුවේ තාත්තාගේ අත හයියෙන් අල්ල ගන්න.”  මගේ බිරිඳ පැවසුවා.

පිටු පස ඇරි ඇය දෙස බලා නැවත මා දෙස බැලූ දුව පැවසුවේ මේ වැන්නක්. ” නෑ මට බෑ... තාත්තා මාව අල්ලගන්න” මගේ දුව මහ හඩින් කෑ ගසා උත්තර දුන්නා.  ” හහ් ... හා... ඉතින් දෙකම එකනේ මොකක්ද 
වෙනස” මම ඇහුවේ දුව කියපු දේ විහිළුවට අරගෙන

” නැ තාත්තේ ලොකු වෙනසක් තියෙනවා”  ඇනී උත්තර දුන්නේ ස්ථිර සාර හඩින් ”මොකක්ද වෙනස මගේ පැටියෝ”  කියලා මම අසද්දී ඇය මදෙස බැලූවා. ”පාලමෙන් එගොඩ වෙනකොට  මොනවා හරි දෙයක් වෙලා මට තාත්තාව අතහැරෙන්න පුළුවන්. එහෙත් තාත්තා මගේ අත අල්ල ගත්තාම මොන දේ වුණත් තාත්තා මගේ අතහරින්නේ නෑ කියලා මම දන්නවා...”


මහා වරුෂාව මැදින් දුවගේ ඒ හඬ මට ඇහුණේ සියළු ඝෝෂා
පරදවමින්. මෙතෙක් ගතට දැනුණු දරාගත නොහැකි සීතල පහව
යමින් මගේ මුළු ගතම උණුසුම් වුණා. දෑසින් ගලා ගියේ ඒ උණුසුම
වෙන්න ඇති. ඉතිං තවත් මොහොතක් වත් පමා වෙන්නේ මොකටද?
ඒ ළපටි අත මම තරයේ අල්ලා ගත්තා. මගේ දුව මාදෙස බලා
සිනාසුණා. ඒ සිනහාව තුළ තිබු සෙනෙහස මේ මහා දියකද පමණක්
නොව සප්තමහා සාගරය තරණය කිරීමට තරම් ශක්තියක් මට දුන්නා.

පුත මමත් ඔබගේ අත අල්ලා ගනිමි. මේ තරඟය දුවන්නට මම සැරසෙමි. මොන  බාධක පැමිණිය ද ඔබව අත් නොහැර මා රැුගෙන යමි මා සමඟ ජයටැඹ කරා යාමට සුදානම් වන්න. දරුවෝ අපි සහයෝගයෙන් මේකී යුද්ධය ජය ගමු.

Tuesday, October 16, 2012

ගුරු උපහාරය


බෙල් පිණි ඉහිරුණ පාරවල් දිගේ අපි දුවපැන
ඇවිද්දේ සාරවත් බිමක් සොයන්නට.
සරු බිමක් සොයාගත නුහුනු කල නිසරු බිම්
පලස මත සරු බිජුවට වපුරාලන්ට
අපට පුඑවම් වුනේ වාසනාවට...
කාලයට හරි හදිස්සියි
ඒ වුනත් ආදරණිය මිනිස්සු ගැන හිත් වල
රැුදෙන භක්තිමත් මතකය
අමතක වෙන්නේ නම් නෑ කවදාවත්ම
ඔබට වඩා අපි පිං කරලා ඇති දැවැන්ත
ආද්‍යාත්මයක් ළගින් වැතිර ගන්නට
ඒ දැවැන්ත ආද්‍යාත්මයත් ඔබ ළග...

ජීවත්වීම කියන ගැඹුරු දර්ශනය
අපට පසක් කළෙ ඔබයි...
දුයිෂෙන් ගුරු කුලයේ නිසල පොප්ලරයක්
තරමට ම නිසල සහ ශක්තිමත් බව
අප වෙත කැන්දන් ආවෙත් ඔබයි..
ඉතිං අවසරයි සුභ පතන්නට අමතක
නොවන මතකය ළග මහා සදුන් අරටුවක්
තරමටම ජීවිතය සුවදවත් කළ අපේ
ගුරුවරුන්ට
ජීවිත තක්සලාවේ පූජණීය ගුරුවරුනි
ඔබට ස්තූතියි.....

සම්මන්ත්‍රණය 2012 - 10 - 18


පෙම් හසුන


සංඛ්‍යා පූර්ව පද සමාසයේ
පස්වෙනිදා
අන්‍යාර්ථයේ සදවතට

මගේ මුවින් පිටවෙන හැම  ශබ්දයක්ම සංකේතයක් වුණා විතරයි.  ඔයා සතපහකට ගණන්ගත්තේ නෑ.මම ශුද්ධ සිංහලෙන් තිස්වතාවක් කිව්වා ඔයාට හොදින් පාඩම් කරන්න කියලා. ඒත් ඒවා ගාත‍්‍රාක්‍ෂර ලෝප සන්ධියේ දී ස්වර ව්‍යංජන සේරම ලොප් කරලා බලා ඉන්න ඔයා ඔය විදිහට පාඩම් නොකර හිටියොත් මිශ‍්‍ර සිංහලයේ අක්‍ෂර ගානට ම හැටවතාවක් විභාගේ ලියන්න වෙයි කියලා මම කිව්වා මතකද ?. සන්ධි කල යුතු දෙපදයේ මුල පදයේ අගත් අග පදයේ මුලත් නිවැරදිව ගලපා සන්ධි පදයක් හදනවා වගේ අපේ කැදැල්ල ලස්සනට හදන්න මං කොතරම් හීන මැව්වද ? ඒත් සිද්ධ වුණේ සන්ධි කළ යුතු පද දෙක වගේ හැම වෙලාවේම විසන්ධි වෙලා ඉන්න. 

ඉස්සර මංසන්ධියක් සංධියක් ගානේ ඔයා එනකල් බයෙන් වගේ බලා හිටියේ ආගම සංධියේදී වගේ අපි දෙන්නා අතරට අලූතින් කව්රුහරි කඩා පනීවි කියලා. ඒත් මට ඒ දවස්වල හිතුනා අපේ ආදරය අසම්භාව්‍ය කි‍්‍රයාවක් වගේ අවිනිශ්චිත වෙයි කියලා. ඔයා දිහා සංශයෙන් සැකයෙන් බැලූවේ ඒ නිසායි.

මම මුලදි හිතුවේ ඔයා අව්‍ය පදයක් වගේ නොවෙනස්ව මා ළග ඉදියි කියලා. ඒත් ඔයා නිපාතයක් වගේ  ඕනෑම තැනක යන්න එන්න පටන්ගත්තා. ඒ නිසා මට හිතුනා මම උපසර්ගයක් වගේ ඔයාගේ ඉස්සරහටම වෙලා ඉදලා කරන බලපෑම්වල තේරුම මොකද්ද කියලා

ඔයා දැනටමත් ද අරුත් එක්ක ලෑස්ති වෙලා ඇස් ඉස් මස් ලේ උරා බීලා ඉවරයි. මට හිතෙනවා ව්‍යංජනා දේශයේ ද එක් ව්‍යංජනයක් වෙනුවට තවත් ව්‍යංජනයක් කැදවනවා වගේ ඔයා අතහැරලා වෙන එකක් කරන්න. එතකොට මට පුලූවන් තද්ධිතයක් වගේ එයා පස්සේම ඉදගෙන හිතභාවය පෙන්වන්න. පේ‍්‍රමවන්ත යන තද්ධිත නාමයේ ඇති වන්ත ප‍්‍රත්‍ය වගේ. 

එක්කෙනෙක් නෙවෙයි අයෙක් කිසිවෙක් කෙනෙකේ වැනි බොහෝ අය ඔයා ගැන මට කියුහ. ඒ වෙලාවේදී සංඛ්‍යා පූර්ව පද සමාසයේදී වගේ මගේ දෙලොව රත් වුණා. ඔයා කොච්චර කිව්වත් ඔයා ළග ඉනු මැනවි කියලා එකී වාක්‍යයේ උක්ත වෙන්න මට බැහැ. ඔයා ප‍්‍රයොජ්‍ය කි‍්‍රයාවේ ප‍්‍රයොජ්‍ය වගේ මා ලවා හැම දෙයක්ම කරවගෙන දැන් ඔහොම කරන එක න ආදී ගණයේ අව්‍ය සමාස පදයක් වගේ අසාධාරණ නැද්ද කියලා හිතලා බලන්න.  
කර්මකාරක වාක්‍යයක අනුක්ත කතෘ වගේ ඔක්කොම උක්ත කර්මයට භාර දීලා පැත්තකට වෙලා බලන් ඉන්න විතරක් මට අවසර දෙන්න. ඔයාට කවදාවත් තෝ තොපි නුඹ නුඹලා කියලා මධ්‍යම පුරුෂයෙන් මා කථාකරලා නෑ. ඒත් සමුගන්න මේ මොහොතේ එක වචනයකින් ආශිර්වාද කරන්නම්. නුඹ කවදාවත් සන්සාරයේ මට හමු නොවේවා කියලා මම නවතිමි. හෙවෙන් ලිවූ තැන්වල වැරදි ඇතොත් සමාවන්න. 

මීට
ඔයා වෙනුවෙන් හඩන වැළපෙන කෘදන්ත

Monday, October 15, 2012

ඔබත් මමත් හමුවන්නේ වර්තමාන පුද්ගලික පන්ති කාමරයක් තුල.........


ජීවිතය කියලා කියන්නේ බොහෝ අපහසුතාවන්ගෙන් 
පිරුණු තැනක් ඉතිං ඒ ජීවිතය අපහසු වෙන්නේ 
එහි දි දැනෙන විදීම් විදවීම් හරි හැටි නිර්වචනය නොවීම තුල
අපහසු ජීවිතය පහසු කරන්නට ඔබට 
වර්ථමානයේ බොහෝ කැපකිරීම් කරන්නට වෙනවා
අද මහන්සි වී වැඩ කිරීම තුල 
හෙට හාන්සිවී ගිමන් නිවීමට හැකි බව
මම අදහන තවත් සත්‍යක් 
ගල් වගේ හිත් වල මල් වගේ සුන්දර සිනිදු
සිතුවිලි ඇති කරමින් ගල්වගේ හදවත් මල්වලින් අස්වද්දන්නට 
අද මහන්සි වී අසීමිත කැප කිරිම් මත වැඩ කරන
අපේ තොටුපලේ අපේ දරුවන් අදත් සතුටින්
හෙටත් සතුටින් 
එපමණක් නොව 
අපේ දරුවන් අනාගතයේදී
කලා විලේ සියපත් වේවි 
නිලයෙන් බලයෙන් අගපත් වේවි 
ඔහුන්ගේ දෙලොවම සුවපත් වේවි
අනාගතේ පැහැපත් වේවි 
එය එසේ වනු දැක්ම 
අපේ සතුටයි 
එය එසේ කිරීමේ වගකීම 


මගේ ආගමයි