ඒ මගේ පුංචි දුව මගේ මුළු ලෝකෙම වුණේ ඇය. මගේ සුවිසල් ලෝකය වසාගෙන පැතිරුණේ ඇගේ පුංචි වතකමලයි. ඇගේ ලෝකය පිරී තිබුණෙත් මා පිළිබඳව වූ පිතෘ ස්නේහයෙන් පමණක් බව මට රන්තරව දැනෙනවා. ඇනී ඉතා දක්‍ෂ බුද්ධිමත් දියණියක්. ඇතැම් වේලා වල ඇයගේ ප‍්‍රශ්ණ කිරීම අභිමුවේ මමත් බිරිඳත් ගොළු වු අවස්ථා අනන්තයි.
එදා උදෑසන සිට මා වරුසාවක් ඇඳ හැළුණා. වැස්ස කොතරම් තදින් ඇඳ වැටුණා ද කිව්වොත් මහ ගංවතුරක් අපේ ප‍්‍රදේශය යට කරගෙන තිබුණා. තවත් මෙහොතිකින් මුළු ප‍්‍රදේශයම යට වී යන්නට පුළුවන් සියළු
දෙනාම ආරක්‍ෂිත ස්ථානකරා යාමට සුදානම් වුණා.
ඇල මාර්ග දෙගොඩ තලා යමින් තිබුණා. ඇතැම් අවස්ථාවල බොර වතුර එක් රැුස් වී මහා බියකරු දර්ශණයන් මවා පෑවා. තවමත් වැස්ස තුරන් කර තිබුණේ නෑ. අපි තිදෙනා මේ මහ වැස්සේ ආරක්‍ෂිත ස්ථානයක් කරා යමින් සිටියා. ප‍්‍රදේශය පුරා පැතිරුණු ඝණ කලූවරත් වැස්සේ හෝ හෝ හඬත් මුළු පරිසරයම ආක‍්‍රමණය කරලා. මගේ එක් අතක චූටි දුව එල්ලිලා.අනිත් අතේ විදුලි පන්දම. විශාල බෑගයක් පිටමැද බැඳගෙන උන් මා සමඟ හරි හරියට දුවත් මගේ බිරිඳත් පැමිණෙමින් සිටියා. තවත් මෙහොතකින් බොර පාට යක්‍ෂයා අපව ගිල ගනීව කියා මට තිබුණේ අසීමිත බියක්.
අවසානයේ අප පාලමක් අසලට පැමිණියා. ගඟ දෙගොඩ තලා යමින් තිබුණා. පාලම උඩිණුත් බොර වතුර ගලා යමින්
ඒ ගඟ මහා මුහුදක සිරි ගත්තා. අප එගොඩ විය යුතුයි, මහා වැස්ස කොතරම් දරුණු වීද යත් අපි එකිනෙකාට පවා හරි සද්දෙන් කතා කළ යුතුව තිබුණා. ” තාත්තේ...” දුව කෑගැසුවා ඇයගේ හඬ වෙවුලනවා. ඒ බයටද සීතලටද කියා වෙන් කර හඳුනගන්න අපහසුයි. ” ඇයි දුවේ සීතල ද?...” මම කෑ ගැසුවා ” ඔව් තාත්තේ...” ”අපි මේ පාලමෙන් එගොඩ වෙන්න ඕනේ දුවේ තාත්තාගේ අත හයියෙන් අල්ල ගන්න.” මගේ බිරිඳ පැවසුවා.
පිටු පස ඇරි ඇය දෙස බලා නැවත මා දෙස බැලූ දුව පැවසුවේ මේ වැන්නක්. ” නෑ මට බෑ... තාත්තා මාව අල්ලගන්න” මගේ දුව මහ හඩින් කෑ ගසා උත්තර දුන්නා. ” හහ් ... හා... ඉතින් දෙකම එකනේ මොකක්ද
වෙනස” මම ඇහුවේ දුව කියපු දේ විහිළුවට අරගෙන
” නැ තාත්තේ ලොකු වෙනසක් තියෙනවා” ඇනී උත්තර දුන්නේ ස්ථිර සාර හඩින් ”මොකක්ද වෙනස මගේ පැටියෝ” කියලා මම අසද්දී ඇය මදෙස බැලූවා. ”පාලමෙන් එගොඩ වෙනකොට මොනවා හරි දෙයක් වෙලා මට තාත්තාව අතහැරෙන්න පුළුවන්. එහෙත් තාත්තා මගේ අත අල්ල ගත්තාම මොන දේ වුණත් තාත්තා මගේ අතහරින්නේ නෑ කියලා මම දන්නවා...”
මහා වරුෂාව මැදින් දුවගේ ඒ හඬ මට ඇහුණේ සියළු ඝෝෂා
පරදවමින්. මෙතෙක් ගතට දැනුණු දරාගත නොහැකි සීතල පහව
යමින් මගේ මුළු ගතම උණුසුම් වුණා. දෑසින් ගලා ගියේ ඒ උණුසුම
වෙන්න ඇති. ඉතිං තවත් මොහොතක් වත් පමා වෙන්නේ මොකටද?
ඒ ළපටි අත මම තරයේ අල්ලා ගත්තා. මගේ දුව මාදෙස බලා
සිනාසුණා. ඒ සිනහාව තුළ තිබු සෙනෙහස මේ මහා දියකද පමණක්
නොව සප්තමහා සාගරය තරණය කිරීමට තරම් ශක්තියක් මට දුන්නා.

No comments:
Post a Comment