පිරුණු තැනක් ඉතිං ඒ ජීවිතය අපහසු වෙන්නේ එහි දි දැනෙන විදීම් විදවීම් හරි හැටි නිර්වචනය නොවීම තුල
අපහසු ජීවිතය පහසු කරන්නට ඔබට
වර්ථමානයේ බොහෝ කැපකිරීම් කරන්නට වෙනවා
අද මහන්සි වී වැඩ කිරීම තුල
හෙට හාන්සිවී ගිමන් නිවීමට හැකි බව
මම අදහන තවත් සත්‍යක්
ගල් වගේ හිත් වල මල් වගේ සුන්දර සිනිදු
සිතුවිලි ඇති කරමින් ගල්වගේ හදවත් මල්වලින් අස්වද්දන්නට
අද මහන්සි වී අසීමිත කැප කිරිම් මත වැඩ කරන
අපේ තොටුපලේ අපේ දරුවන් අදත් සතුටින්
හෙටත් සතුටින්
එපමණක් නොව
අපේ දරුවන් අනාගතයේදී
කලා විලේ සියපත් වේවි
නිලයෙන් බලයෙන් අගපත් වේවි
ඔහුන්ගේ දෙලොවම සුවපත් වේවි
අනාගතේ පැහැපත් වේවි
එය එසේ වනු දැක්ම
අපේ සතුටයි
එය එසේ කිරීමේ වගකීම
මගේ ආගමයි
No comments:
Post a Comment