Search This Blog

Thursday, October 18, 2012

ඔබ සියදිවි නසාගන්න එපා.




                අපිට අපේ ජීවිතය ගැන හිතන්න වෙලාවක් තියනවද කියලා කල්පනා කරන්නවත් සමහර වෙලාවට අපිට වෙලාවක් නෑ. සමහර චරිත අතීතයේ සිදුවුණු දේවල් සිතින් මෙනෙහි කර කර දුකින් ජීවත් වෙන්වා. තවත් සමහරු අනාගත සිහිනමත ජීවත්වෙලා වර්ථමානයේ ගොඩක් අවස්ථා නැති කරගන්නවා. කොහොම වුණත් අපිට අතීතයක් තියනවා. ඒක කලූ ලප වලින් ලොකු වලවල් වලින් විශාල කඩාවැටීම් වලින් ජයග‍්‍රහණ වලින් සතුටින් දුකෙන් සොම්නසින් කදුළින් පිරිලා ඉතිරිලා. නමුත් අපිට ඒ තුළ ජීවත් වෙන්න බෑ. එහෙම වුණොත් ඔයත් මමත් මියගිය මිනිස්සු වේවි. අලූත් අව්රුදු කොපමණ ලැබුවත් අපිට මළගිය ඇත්තන්ගේ අව්රුදු දා සමරන්න වේවි.

අපි ලොකු නැව්. මේ නැව්වල අපි පරණ මතකයන් ගොඩ ගහගෙන සාර්ථකත්වය කරා යන්න පුද්ම උත්සහයක් ගන්නෙ. නමුත් පරණ මතකයන්වල තියන පුදුමාකාර බරත් එක්ක අපිට සාර්ථකත්වයේ දූපත  සොයාගෙන යන ගමන හෙමින් තමයි යන්න වෙන්නේ. පරණ අනවශ්‍ය දේවල් අපි අපේ නැව්වලින් ඉවත් කරන්න ඔනේ.
      
     අපි සොබාදහමේ පුරුකක්. ඉතින් අපි දැනගන්න  ඕනේ දෙයක් තමයි සොබාදහම කවදාවත් අඩපණ වෙච්ච මියයන දේවල් සහ චරිත දරාගෙන ඉන්නේ නෑ ඒවා පෝශණය කරන්නෙත් නෑ. අවස්ථා කිහිපයක් මත ඒවා අතහරිනවා. උපන්දා ඉදන්ම මම දැකපු සොබාදහම හැමදාම තරුණයි. මටත්  ඕනේ ඒ තරුණකම. දක්‍ෂයාව ශක්තිවන්තයාව නිර්මාණශීලී මිනිස්සුන්ව දිනවන්න අත දෙන්න සොබාදහම සැදී පැහැදී ඉන්නවා.

        අතීතයේ ජීවත්වෙන - අනාගතේ ජීවත්වෙන මිනිස්සු තමන්ට අයිති වර්ථමානය අමතක කරලා අතහැරලා. සමහරු අතීතය ගැන දුක් වෙද්දි තවත් සමහරු ජීවත්වෙන්නේ අනාගතය තුළ එයාට අත ඇති වර්ථමාන ජීවිතය තමන් විසින්ම සිය දිවි නසා ගැනීමකට බදුන්කරලා.

    අපි අපේ ජීවිතයේදී නොයෙක් භූමිකාවන්ට මූහුණදෙනවා. ඒ අවස්ථාවන් වල ගොඩක් අපහසු තෝරාගැනීම් වලට අපට යන්න සිදුවෙනවා. ඉතිං අපි ජීවත්වෙන හැම තත්පරයක්ම ගොඩක් වැදගත්.මොකද වර්ථමානයේ මේ ගෙවී යන කිසිම ත්තපරයක් අපිට ආපස්සට ජීවිතේ කිසිම දවසක ලැබෙන්නේ නෑ.  ඕනෑම සිදුවීමක් නැවත සිදුවෙන්න ඉඩ තිබුණත් ඒ සිදුවීම මේ දැන් වෙන ආකාරයටම නැවත සිදුවීමේ සම්භාවිතාවක් නැහැ.

  ඉතිං මේ ගෙවෙන හැම තත්පරයකම ඔබ ඔබට හැකි උපරිමයෙන් ජීවත්වන්න. ඔබට දැනෙන හැගෙන විදීම් විදවීම් හැගීම් අවට සමාජගත ඔබේ මානව සබදකම් සමග බෙදාගන්න. සමහර පුංචි පුංචි දේවල් වැදගැම්මකට නැති දේවල් කියලා අතහරින්න එපා. ඔයාට ඒ දෙය වැදගත් නැති වුණාට ඔයා ගාවින් ආදරයෙන් ඉන්න ළගම කෙනෙකුට එම සිදුවීම මහ මෙරක් තරම් විසාල ජීවිත සංජාණන හැරවුම් ලක්‍සයක් වන්නට පුලූවන්.

මේ ජීවිතේ හරි පහසුයි. අපිමයි ඒක අමාරු කරගෙන තියෙන්නේ. මම ඔයාට යෝජනා කරනවා ඔයා කැමති විදියට ඔයාට ආදරය කරන්න කිසි කෙනෙක් මේ ලෝකේ නෑ. ඔයාගෙම අම්මා වුණත් ඔයා එක්ක කොයිතරම් හිත් අමනාපකම් ඇතිකරගෙන ඇද්ද. පසුකාලීනව ඒවා මගහැරුණත්,

 අම්මටත් වඩා ඔයාට ආදරය කරන්න දන්න හොදම අම්මා සොබාදහම පමණයි. දවසකට පැයකට විනාඩියකට තත්පරයකට දෙනෙත් පියාගෙන සොබාදහමට ආදරය කරලා බලන්න ඔබට මුලූ විශ්වයම විවර වේවි.
ඔබට සුභ ගමන්..........
                       මම

1 comment:

  1. බොහොම අර්ථාන්විත ලිපියක්. මම අහම්බෙන් තමයි මේ බ්ලොග් එකට ආවේ. කොහොම උනත් මිනිස්සු සියදිවි නසාගන්නේ මේ ජීවිතය ගෙවනවාට වඩා මියයාම සැපයි කියලා හිතලා වෙන්න ඇති. මටත් ඒ සිතුවිල්ල එක්තරා කාලයක ඇතිවෙච්ච හින්දා මම මේ කියන්නේ. ජීවත්වෙන්න මරණය වැලඳගන්නවාට වඩා අමාරුයි.
    කෙනෙකුට පුලුවන් නම් ජීවිතයේ බැඳීම් අඩුකරගන්න, අන්න ඒ පුද්ගලයා නිදහස් කෙනෙක්

    ReplyDelete